එකමුතුකමෙන් පැරද වූ මායාව…

 



එකෝමත් එක කාලෙක සහෝදරයින් තුන් දෙනෙක් ජීවත් වුනා. මේ අයගෙ නම් තමයි දිරිය, සවිය, නුවණ. ඒත් කවදාවත් ම මේ තුන් දෙනා අතර එකමුතුවක් නම් තිබුණෙ නෑ. හැමෝටම ඕනෙ වුනේ ලොක්කා වෙන්නයි. මේ තුන් දෙනාට හිටියා හොදම යෙහෙලියක්. ඇගේ නම මායා.

දවසක් මේ හතර දෙනා පලතුරු හොයන්න හිතන් ගම ගාව තිබුණ කැලයට ගියා. එයාල දන්නෙම නැතුව කැලේ ඇතුලටම ඇවිදන් ගිහින්. ටිකකින් මුලු පරිසරයම අදුරු කරමින් මහ වැස්සක් වහින්න පටන් ගත්තා. වටපිට බලපු දිරියට, ලග තිබ්බ ගුහාවක් දක්නට ලබුණා. එයා අනිත් හැමෝවමවත් අරන් එතනට දුවලා ගියා. කාලය හෙමින් ගත වෙද්දි ගුහාව ගැන විපරම් කල සවිය ගුහාව කෙලෙවරේ දිලිසෙන යමක් තියෙනව දැක්කා. එයා ඒ බව අනෙක් අයට නොකියා එතනට යන්න හැදුවත්, හැමෝම ගැන අවදානෙන් හිටිය දිරිය,සවියගෙ හොර ගමන ගැන දැනගත්තා.

සවිය,මේ වැස්ස වෙලේ ඔයා කොහේද ඔය යන්න හදන්නේ…?” දිරිය ඇසුවා.

බොරු කියලත් පලක් නොවන නිසා දිරිය තමන් දුටු දේ අනෙක් අයටත් පැවසුවා.

ඔතනට ගිහින් ඕක ගන්න එක නම් ඒ තරම් හොද දෙයක් නෙවේ…” කතාව අහන් ඉදපු නුවණ එහෙම කිව්වා.

ඒත් සවිය ඒක ගනන් ගත්තේ නෑ. එයා එතනට ගියා.තමන්ගෙ සහෝදරයාව තනි කරන්න බැරි නිසා සවියගේ පසුපසින් දිරිය,නුවණ සහ මායාත් ගියා. එතන තිබුණේ ඉතා විශාල නිල් මැණිකක්. සවිය දෙවරක් නොසිතාම ඒ මැණික අතට ගත්තා විතරයි,

ආව්කියමින් මායා සිහිසුන්ව ඇදන් වැටුනා.

මැණිකේ ආලෝකයෙන්ම ඔවුන් දුටුවේ මායා අසලින් ඉවතට බඩ ගා යන විශාල නාගයෙක්. දුරදිග නොහිතා වැඩ කල නිසා සිදු වූ දේ ගැන සවිය කම්පා වුනා. ඒත් මේ  කම්පා වීමට කාලය නොවන බව වටහා ගත් නුවණ,

ඉක්මනට අපි මායාව වෙද සීය ලගට එක්ක යමු...” යැයි පැවසුවා.

තුන් දෙනාම එකතු වෙලා මහ වැස්සත් නොතකාම , මායාව වෙද සීයා ලගට එක්කන් ආවා.

මේ දැරිවිට දෂ්ට කරල තියෙන්නෙ එසේ මෙසේ නාගයෙක් නෙවේ.බොහොම බලගතු නාගයෙක්.මේ දැරිවිව බේර ගන්න නම් ඒ නාගයාව හොයගෙන මෙන්න මේ බෙහෙත බොන්න දෙන්න ඕන….”

වෙද සීයා එසේ පවසා බෙහෙත් කුප්පියක් මායා අසලින් තැබුවා.

 

අපි මේක කොහොම හරි කරමුවෙද සීයාගේ කතාව අසා සිටි දිරිය පැවසුවා.

ඒත් මායාව බේර ගන්න අපි මේ බෙහෙත කොහොමද ඒ නයාට පොවන්නේ…?” බෙහෙත් කුප්පිය අතට ගනිමින් දිරිය ඇසුවා.

ටික වේලාවක් කල්පනා කල නුවණ,

මට ඒකට හොද අදහසක් තියෙනවා….අපි නයාව අල්ල ගන්න මේ නිල් මැනික පාවිච්ච්චි කරමු…” යැයි පැවසුවා.

බොහොම හොදයි…,ඒත් මතක තියා ගන්න ඔයාලට වෙලාව තියෙන්න හෙට ඉර පායනකම් විතරයි….”  සහෝදරයින් තුන් දෙනා කැලයට යන්න පිටත් වන විට වෙද සීයා මතක් කර දුන්නා...

 

ඉතින් මේ සහෝදරයින් තුන් දෙනා මායාව බේර ගන්න හිතන් පය ඉක්මන් කරලා ගුහාව තිබුන තැනට ගියා. කතා කර ගත්ත විදිහට දිරියත්, සවියත් එකතු වෙලා නාගයව අල්ල ගන්න කූඩුවක් හැදුවා. නුවණ ඒ කූඩුව ඇතුලෙන් මෙපමණ වෙලාවක් සගවන් සිටි නිල් මැණික තිබ්බා. මැණිකෙ කාන්තියට මුලු පරිසරයම ආලෝකයෙන් බැබලුනා.

ඉතා ඉක්මනින් සහෝදරයින් තුන් දෙනා අසල තිබ්බ පදුරකට මුවා වෙලා නාගයා එනතෙක් බලා සිටියා. වැඩි වෙලා නොගොස් ඒ නාගයා මැණික තියෙන තැනට ආවා. ඔවුන් සිතූ විදිහටම නාගයාව කූඩුව ඇතුලෙ හිර වුනා. කූඩුව ලගට ආව සහෝදරයින් තුන් දෙනා නාගයාව හරියටම බලා ගත්තේ ඒ වෙලාවෙ. ඌව දැකල බය හිතුනත් මායාව බේර ගන්න ඕනෙ නිසා දිරිය, තමන් ලග තිබුන තොන්ඩුව නාගයගෙ බෙල්ලට දැම්මා. සවිය කූඩුව ඇතුලට ගිහින් නාගයව තදින් අල්ල ගත්තා. බෙල්ල තොන්ඩුවෙන් සිර වී ඇති නිසා නාගයාට පෙණය පුප්පන්නත් බැහැ. ඒ ලද අවසරයෙන් නුවණ බෙහෙත් කුප්පියේ තිබූ දියරය, පැපොල් බටයක ආදාරයෙන් නාගයාට පෙව්වා. ඒත් එක්කම මුලු පලාතම තව තවත් බබළවමින් එතැනින් මතු වුනේ මායා.සහෝදරයින් තුන්දෙනාට හරි ම පුදුමයි.

 

දිරිය,සවිය,නුවණ ඔය තුන් දෙනා හැම වෙලාවෙම එකමුතුවෙන් වැඩ කරන්නේ නෑ. ඒත් දැන් බලන්න ඔයාල එකතු වුනාම මොන තරම් භයානක දෙයක් වුනත් විනාශ කරන්න පුලුවන්ද කියලාඒක තේරුම් කරන්නයි මම මේ දේවල් කලේ.” මායා එලෙස පැවසූවා.

 සහෝදරයින් තුන් දෙනාට තමා අතින් වුණ වැරදි ගැන තේරුම් ගියා. එදා පටන් මේ තුන් දෙනාම එකමුතුවෙන් හිටියා. ජීවිතයට නුවණ, දිරිය, සවිය වගේම එකමුතුකමත් අත්යවශ්යම දෙයක් කියල ඔවුන් අවබෝද කර ගෙන  එයාලට මුහුන දෙන්න වුන අභියෝගත් හරි ම පහසුවෙන් පරද කලා.

Comments

Popular posts from this blog

“මකරානන්දය” නවකතාව පිලිබඳව විචාර ලිපිය.

සිතන්නට යමක්