එකමුතුකමෙන් පැරද වූ මායාව…

එකෝමත් එක කාලෙක සහෝදරයින් තුන් දෙනෙක් ජීවත් වුනා . මේ අයගෙ නම් තමයි දිරිය , සවිය , නුවණ . ඒත් කවදාවත් ම මේ තුන් දෙනා අතර එකමුතුවක් නම් තිබුණෙ නෑ . හැමෝටම ඕනෙ වුනේ ලොක්කා වෙන්නයි . මේ තුන් දෙනාට හිටියා හොදම යෙහෙලියක් . ඇගේ නම මායා . දවසක් මේ හතර දෙනා පලතුරු හොයන්න හිතන් ගම ගාව තිබුණ කැලයට ගියා . එයාල දන්නෙම නැතුව කැලේ ඇතුලටම ඇවිදන් ගිහින් . ටිකකින් මුලු පරිසරයම අදුරු කරමින් මහ වැස්සක් වහින්න පටන් ගත්තා . වටපිට බලපු දිරියට , ලග තිබ්බ ගුහාවක් දක්නට ලබුණා . එයා අනිත් හැමෝවමවත් අරන් එතනට දුවලා ගියා . කාලය හෙමින් ගත වෙද්දි ගුහාව ගැන විපරම් කල සවිය ගුහාව කෙලෙවරේ දිලිසෙන යමක් තියෙනව දැක්කා . එයා ඒ බව අනෙක් අයට නොකියා එතනට යන්න හැදුවත් , හැමෝම ගැන අවදානෙන් හිටිය දිරිය , සවියගෙ හොර ගමන ගැන දැනගත්තා . “ සවිය , මේ වැස්ස වෙලේ ඔයා කොහේද ඔය යන්න හදන්නේ …?” දිරිය ඇසුවා . බොරු කියලත් පලක් නොවන නිසා දිරිය තමන් දුටු දේ අනෙක් අයටත් පැවසුවා . “ ඔතනට ගිහින් ඕක ගන්න එක නම් ඒ තරම් හොද දෙයක් නෙවේ …” කතාව අහන් ඉදපු නුවණ එහෙම කිව්වා . ඒත් සවිය ඒක ගනන් ගත්තේ නෑ . එයා එතනට ගියා . තමන්ගෙ සහෝදරයාව ...