Posts

Showing posts from 2021

එකමුතුකමෙන් පැරද වූ මායාව…

Image
  එකෝමත් එක කාලෙක සහෝදරයින් තුන් දෙනෙක් ජීවත් වුනා . මේ අයගෙ නම් තමයි දිරිය , සවිය , නුවණ . ඒත් කවදාවත් ම මේ තුන් දෙනා අතර එකමුතුවක් නම් තිබුණෙ නෑ . හැමෝටම ඕනෙ වුනේ ලොක්කා වෙන්නයි . මේ තුන් දෙනාට හිටියා හොදම යෙහෙලියක් . ඇගේ නම මායා . දවසක් මේ හතර දෙනා පලතුරු හොයන්න හිතන් ගම ගාව තිබුණ කැලයට ගියා . එයාල දන්නෙම නැතුව කැලේ ඇතුලටම ඇවිදන් ගිහින් . ටිකකින් මුලු පරිසරයම අදුරු කරමින් මහ වැස්සක් වහින්න පටන් ගත්තා . වටපිට බලපු දිරියට , ලග තිබ්බ ගුහාවක් දක්නට ලබුණා . එයා අනිත් හැමෝවමවත් අරන් එතනට දුවලා ගියා . කාලය හෙමින් ගත වෙද්දි ගුහාව ගැන විපරම් කල සවිය ගුහාව කෙලෙවරේ දිලිසෙන යමක් තියෙනව දැක්කා . එයා ඒ බව අනෙක් අයට නොකියා එතනට යන්න හැදුවත් , හැමෝම ගැන අවදානෙන් හිටිය දිරිය , සවියගෙ හොර ගමන ගැන දැනගත්තා . “ සවිය , මේ වැස්ස වෙලේ ඔයා කොහේද ඔය යන්න හදන්නේ …?” දිරිය ඇසුවා . බොරු කියලත් පලක් නොවන නිසා දිරිය තමන් දුටු දේ අනෙක් අයටත් පැවසුවා . “ ඔතනට ගිහින් ඕක ගන්න එක නම් ඒ තරම් හොද දෙයක් නෙවේ …” කතාව අහන් ඉදපු නුවණ එහෙම කිව්වා . ඒත් සවිය ඒක ගනන් ගත්තේ නෑ . එයා එතනට ගියා . තමන්ගෙ සහෝදරයාව ...

සොයමි මම ඒ සියපත....

Image
  සංසාර පුරුද්දට මිරිගුවක් පසුපස ලුහු බැද ඉන් පලක් නොවන තැන.... ගිමන් නිවන ඇසිල්ලෙහි ඉසිඹු ලද සියපතක... වෙලෙන්නට පෙම් බදින දමනය නොවූ චිත්තය... නැවත චිතකයක වී බුරා බුරා දැවේ යැයි ... පසක් වූව ද , ඒ මුසාවෙහි කිමිද රස බැලීමට ලොල් ව... අන්ධ වූ දෙඇසින් සොයමි මම ඒ සියපත.... විඩාබර කයට පරම සුඛයක් ලබා දීමට...

Friendship

Image
Once upon a time a rich family lived in a village. There was a child in this family. His name was John. Alice was the best friend of John. Her father was the gardener of John’s house. Alice was poor but she had good qualities. Because of that reason Alice and John had a very strong friendship. No one could break it.  But one day a group of visitors came to John’s home. They were also rich people. Therefore John’s father warmly welcomed them. Among them there was a little girl named, Christine. She was dressed in a beautiful frock. John saw that she was even more beautiful than Alice.  Day by day John became closer to the Christine than Alice, because she allowed John to play with the beautiful toys she had. But she did not give them to Alice.  “John, if you want to play with my toys, please be angry with Alice.” One day Christine said to John.  John was angry with Alice because of his desire about toys. Alice cried very sadly and ran towards the kitchen.  “We mu...

“මකරානන්දය” නවකතාව පිලිබඳව විචාර ලිපිය.

Image
    සිංහල නවකතාව වූ කලී පාඨකයාගේ චිත්ත සමුදාය විවිධ මානයන්ගෙන් ගෙන හැර දක්වන ඉතා අපූර්ව නිර්මාණයකි . වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විරාජිනී තෙන්නකෝන් මහත්මියගේ “ මකරානන්දය ” කෘතිය ද එවන් වූ නිර්මාණයකි . කලු සුදු චරිත අතරින් මතුවන මිනිසාගේ චිත්ත අභ්‍යන්තරය මනා ලෙස අකුරු කරමින් කෘතිය හා ඒකාත්මික වීමට හැකි පසුබිමක් “ මකරානන්දය ” පුරාවටම පාඨකයාට ලබා   දෙයි . එසේ වීමට ප්‍රබලතම හේතුව ලෙස දැකිය හැක්කේ පරිනත වීමේ දී සිත පුර පැන නගින ක්ලේශයන් මෙහි සදහන් චරිත මගින් මනාව නිරූපණය වීමයි . “ සේපාල කියන්නෙ මගෙ නම .”                                                                            ...