ගමේ වැල ගමේ කපුටන්ට.. ( short story)
කුකුලත් අතේ තියන් මං හනි හනිකට ආවෙ මගේ ලොතරයි කූඩුව අරින්න... මේ දවස් වල නත්තල් දොහේ නිසා බාර් ගාව හරි හරියට සෙනග ගැවෙසනවා .ඒ හින්ද ම ද මන්ද යහමින් මුදලක් හම්බ කරගන්න මේ ටිකේ මං උදැහැනැක්කෙ ම බාර් එක ඉස්සරහ තීන මගේ ලොතරයි කූඩුවට එනවා... මගේ කීවට මේකත් අයිති බාර් එකේ ලොකු මුදලාලිට.. උන්දැට පින් සිද්ධ වෙන්න මේකෙන් ලැබෙන සොච්චමෙන් ලෙඩ ඇදේ ඉන්න අප්පුච්චයි නංගිල දෙන්නගෙයි බඩ කට පුරවනවා... දෑ අවුරුද්දකට කලියෙන් අම්මා නැති වුන දා පටන් අප්පුච්චත් ලෙඩ ඇදේ...එදා ඉදන් මේ වෙනකං මගේ ලොකු ම රාජකාරිය පවුල නඩත්තු කරන එක...උදේ පටන් හැන්දැ වෙනකම්ම ලවුස් පීකරෙන් ජෝතිපාල මහත්තයගෙ සින්දු අහන් ගෙවන මේ ජීවිතේ වෙලාවකට නං සුන්දරයි ... ඒත් බාර් එකට එන යන මිනිස්සුගෙ කෑදර බැල්මවල් මතක් වෙද්දි නං මේ රස්සාව දාල යන්න හිතෙන්නෙ ජීවිතේ ගැන තීන ආසාවටත් වඩා ගෙදර ගැන මතක් වෙලා.. ඒත් ඒ හැම දේට ම මගේ ආරක්සාවට එදා ඉදන් ම ඇහැ ගහන් හිටියේ මගේ ලොතරයි කූඩුව එහා පැත්තේ මාලු ලෑල්ලෙ මාලු සෝමේ අයියා විතරයි...දුටු ගැමුණු විහාරේ අඹල තීන යෝධයෙක්ගෙ වගේ ඇගක් තිබුණ සෝමෙ අයියගෙ කාල වර්ණ දේහෙ, මාලු කපද්දි ඉලිප්පෙන මස් ගොබ දකිද්දි මගේ හිතත් හීනියට කිති කැවෙනවා..ඒ වෙනස සෝමෙ අයියටත් දැනිල ද මන්ද තව හයියෙන් මාලුවව කපල දාන්නෙ මට තීන ආදරේට ද මාලුව එක්ක තීන තරහකට ද මන්ද...
ඔය අතරෙ දි තමා බාර් එකට එන රතු පාට අලුත් ම වර්ගෙ කාර් එක කරාස් ගාල ඇවිත් බාර් එක ඉස්සරහ නැවැත්තුවෙ... හැබැයි ඒකෙන් බැහැල ආවෙ නං වෙන ද එන මහත්තයා නෙවේ... පිලිවෙලට කලිසමයි කමීසෙයි ඇද ගත්ත සුදු ලස්සන මහත්තයෙක්... ඒත් ඒ මහත්තයත් වෙන ද අනිත් මහත්තයා යනවා වගේ ම ගියේ බාර් එක ඇතුලට තමා.. ටිකකින් ආයෙමත් කාර් එකට නැගල රූං ගාල ඉගිලිල ගියා..මේ විදිහට දවස් දෙක තුනක් ම ගත වෙද්දී මගේ හිත මටත් නොදැනීම ඒ සුදු මහත්තයාව ආක්‍රමණය කරන්..
"මේ ටිකට් එක දෙන්න ..." නින්දත් නොනින්දත් අතර හිටි මං එක පාරට ම ගැස්සිල ඇහැරුනෙ ඒ සද්දෙට... ඇලිල තිබ්බ ඇස් දෙක යන්තන් උස්සල බැලුවෙ කවුද මගේ හීන මාලිගාව කඩා දැම්මෙ කියල.. දෙයියනෙ... සුදු මහත්තයා.... මගේ කම්මැලිකම කොහෙන් ගියා ද මන්ද. .. " මෙන්න මහත්තයා... අද වාසනාව කෝටි දෙකයි" " ඕව ලැබිල පෝසත් වෙනව නං ඔය ලමයට ම මේක අර ගන්න තිබුණනෙ.." ඒ ප්‍රශ්නෙට නං උත්තරයක් නැතුව මං අසරණ වුණා.. ටිකට් ගන්නත් සල්ලි කොයින්ද අපට .. මහත්තයා ඒව දන්නෙ නෑනෙ.. මගේ අසරණ බව දැකල ද කොහේ මහත්තයා රුපියල් සීයක් ම මගේ අතට දීල ඉතුරුත් නොගෙන යන්න ගියා.. ඒ සිදුවීම ඒ විදිහට ම ටික දවසක් සිද්ධ වෙද්දි අපටත් හොරා ම අපේ හිත් දෙකෙන් අපි අපි ගැන ම හිතන්න අරන්.. මං හැමදාම දැනං හිටියා අපට එකතු වෙන්න බැරි වෙයි කියල... අහසට පොලොව වගේ අපේ ගැලපීම.. ඒය් මහත්තයා නං කීවෙ දුප්පත් කම ඔටුන්නක් කරගත් මං මේ ලෝකෙ ඉන්න ලස්සන ම කෙල්ල කියලා..කෝමෙන් කෝම හරි මහත්තයා දවසක් මාව එයාලගෙ දිහා එක්ක යන්න එනවා කීව සදහට ම.. එදා නං මට රජ මගුල්.. සතුට වැඩිකමට දෝ මන්ද මං මේ ආරංචිය මුලින් ම කීවෙ මාලු සෝමෙ අයියට... ඒ ආරංචිය අහල අයියගෙ මූණ අදුරු වුනා ද මන්ද.. කප කප හිටිය මාලුවව අර ලොකු මන්න පිහියෙන් පලල උගේ බඩ බොකු අයියන් කලේ ලේ පෙරෙද්දි...සෝමෙ අයිය තව ම තනිකඩයනෙ..ඉතින් ඕව තේරෙයි ද...මං එහෙම හිතං ඒ ගමන් ම ගෙදර ගියේ හෙට දවසට ලෑස්ති වෙන්න..
තිබුණ එක ම හොද ගවුම පොල්කටු ඉස්තිරික්කෙන් මැදල කුකුල ඇඩුව මුල් ම සද්දෙට අවදි වුණ මං හා හා පුරා කියල හීතලේ ම නා ගත්තා.. ගේ මිදුලත් අතු ගාල අප්පුච්චටයි නංගිලාටයි වැඩි කහට පිටි වීදුරු තුනක් ම හැදුවා... ඊයෙ එද්දි පිටි පැකට් එක අරන් ආවෙත් මහත්තයා වියදමට කියල දුන්න සල්ලිවලින්... උන්ටත් රජ මගුල් අද.. ඉතිං මාත් ලක ලෑස්ති වෙලා මහත්තයා එනකං බලං හිටියා.. මේ විදිහට උදේ පෑවූව ඉර මුදුන් වෙලා බැහැගෙනත් ගියා.. ඒ අස්සෙ කවදාවත් නැතුව උලමෙකුත් හූ කියනවා... හිතට මොකක් දෝ අමුත්තක් නොදැනුනා ම නෙවේ.. අප්පුච්චත් හිස් බැල්මකින් පාර දිහා බලාන ඉන්නවා මහත්තයා එනකං.. උදැහැනැක්කෙ එනවා කීවට දැන් හතේ කනිසමත් පහු වෙලා.. දැන්නං මටත් ඇඩුම් එනවා..
ඒ අතර තමා වැටේ කඩුල්ලත් අයින් කරන සද්දේ ඇහුනෙ..මහත්තයා වෙන්න ඇති.. මං කාමරේ ඉදන් ඉස්සරහට දුවන් ගියේ අඩාගෙනමයි... සතුටට ද දුකට ද කියල මටවත් තේරුන් නෑ... ඒත්... අනේ ඒ සෝමෙ අයියා.... මට හීල්ලුනා... මට හිතන්නවත් වෙලාවක් තිබුණෙ නෑ.. සෝමෙ අයිය ඇවිත් මාව තුරුලු කරං "නංගියේ උඹට කවුරු නැතත් මං ඉන්නවා " කීවා....ඒ උණුහුම ඇතුලෙ සුදු මහත්තයගෙ පර්පියුම් පුසුඹ මගේ නාස් කුහර දිගේ හදවතට ම ගලං ගිහිං හදවත මැද දි නතර වුණා...

Niyamai kasuu 👌❤️
ReplyDelete