වැටුනු දිවියට සවියක්....
ඕනෑ ම මොහොතක ඕනෑ ම විදිහකින් වෙනස් විය හැකි
දේවල් අතරින් “ජීවිතය”
නම් අකුරු හතරට හිමි වන්නෙ ප්‍රබල සංධිස්ථානයකි.
ඒ
තරමට ම එය අවිනිශ්චිතය.එවැනි අවිනිශ්චිත වූ ජීවිතය තුල යථාර්ථයට මුහුණ දෙන විට
ජයග්රහණයන් මෙන් ම පරාජයන් ද සැමට ම පොදු කරුණක් වේ.නමුත් තරගකාරී ජීවන රටාවක්
තුල උරෙන් උර ගැටෙමින් ජයග්‍රහණය පසුපස ම යන මිනිසාට ජරාජයන් වහ කදුරු මෙන්
පෙනෙයි. ඒ කරුණ නිසාවෙන් ම අද වර්තමානය වන විට
සාර්ථකත්වයට යා හැකි බහුතරයක් අසාර්ථකත්වයේ ගොදුරු වී හමාරය.
එබැවින්
වැටුනු තැනින් නැගී සිටීම සමාජ අවශ්‍යතාවයක්ව පවතී.
ජීවිතය
යනු දහසකුත් එකක් ප්‍රශ්න වලින් නිර්මාණය වූ මඩ ගොහොරුවකින් පැන නැගි, සුදු
නෙලුමක් නම් එම සුදු නෙලුම ලොවම සුවදවත් කරන සාර්ථකත්වයේ සංකේතය බවට පත් කිරීමට
සෑම අයෙකුම උත්සාහ ගත යුතුය. ඒ සදහා සියලු දෙනා ම කුමන බාධක පැමිණිය
ද ඒවා සාර්ථක ව විසදා ගත යුතු වේ.
මොහොතකට සාමාන්‍ය පුද්ලයෙකුගේ ළමා කාලය
පිලිබද ව සිතද්දී, කිසි ම පුද්ගලයෙකු උපන් සැනින් දෙරණ මත ඇවිදා නැත.
සැවොම
එය පියවරෙන් පියවර ඉගෙන ඇත. වැටෙන විට නැවතත් නැගී සිටීමට වෙර දරා
ඇත. එහෙයින් ම අද දිනයේ ඒ සාමාන්‍ය මිනිසා දෙපයින්
ඇවිද යයි. වෙනස් වන ජීවිතය තුල එය ද වෙනසකි. ඒ
වෙනසට කැමති බැවින් සියල්ල ම පාහේ ඇවිදින්නට වෙර දරමින් කෙසේ හෝ ඇවිදිමින්, ඇවිදීම
සාමාන්‍යකරණය කර ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇවිදීමට නොහැකි පුද්ගලයා “ආබාධිත”
යන
ලේබලය යටතේ වර්ගීකරණය කර ඇත.මහ මගක ගිය ද, පොදු ස්ථානයක සිටිය ද, ඔහු හෝ ඇය දෙස සාමාන්‍ය පුද්ගලයන්
බලන්නෙ වපර ඇසකිනි. ඔවුන් මානසිකව ඇද වැටීමට එය ම ප්‍රබල
හේතුවක් වේ. නමුත් ඉහත කී වෙනස් වීම නිසියාකාරව
වටහා නොගත් මුග්ධ පුද්ගලයන් මේ සාමාජය තුල සිටින තාක් විවිධ අවශ්‍යතා ඇති
පුද්ගලයින්ගේ මානසික වැටීම දුරු කිරීම අසීරු කරුණකි.
එබැවින්
මේ ජීවන යථාර්ථය තේරුම් කර දී ඔවුන්ගේ සිතට සවියක් වීම අප සැමගේ වගකීමකි. මන්ද
විවිධ කඩයිම් වල දී ජරාජයින් හමුවේ වැටෙන හිතක් ඇත්තේ අපට පමණක් ම නොවෙන නිසාවෙනි.
සෑම පුද්ලයෙකුගේ
ජීවිතයේ ස්වර්ණමය අවධිය තම පාසල් කාලයයි. එම කාලය තුල ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම
අභියෝගය නම් විභාගයි. එයින් ද අ.පො.ස. සාමාන්‍ය පෙල
හා අ.පො.ස. උසස් පෙල යනු පුද්ගලයෙකුගේ
ජීවිතය තීරණය කරන්නට පනවා ඇති කඩයිම්ය. බහුතරයක් එම කඩයිම් සමත් වෙද්දී ඇතැමෙක්
එයින් සමත් වීමට සුදුකම් ලබන්නෙ නැත.එම සුලුතරය අතරින් සමහරෙකු ලද දෙයින් සෑහීමකට
පත් නොවීම හේතුවෙන් ඇතැම් විට සියදිවි හානි කර ගැනීමට පවා පෙලඹෙයි. නමුත් සිදුවිය
යුත්ත එය නොවේ.කඩයිම ජයගත් පුද්ගලයන් ඒ තුලින් තම සාර්ථකත්වය සොයා යද්දී ඉතිරි වූ
පුද්ගලයන් ද බොද වූ හීන ජය ගන්නට නව මගක් සොයා ගත යුතුය. මන්ද ඒ කරුණ නිසාවෙන්
ජීවිතයේ අසමත් වූ එක ම පුද්ගලයා ඔහු හෝ ඇය පමණක් ම නොවෙන බැවිනි.එය මනාව වටහා ගන්නේ
නම් ඕනෑ ම අයෙකුට බොද වුන සිහින වෙනුවට නැවුම් සිහින රැසකගේ එකතුවෙන් ජීවිතය
අලුතින් පටන් ගත හැකිය. ජීවිතය තීරණය කරන එක ම දෙය විබාග පමණක් ම නොවන බව පසක් කර
ගැනීම තුලින් ජීවිතය ජය ගන්න එය රුකුලක් වනු නොඅනුමානය.
ක්‍රම ක්‍රමයෙන්
වැඩෙන මිනිසාගේ වෘත්තීය ජීවිතය යනු කතා කල යුතු ම අංගයකි. මන්ද ඒ තුල බිද වැටීම්
යනු ඉතාමත් සාමාන්‍ය දෙයක් බැවින්ය. පුද්ගලයෙකු හා හා පුරා ව්‍යාපාරයක් ආරම්භ කලේ
නම් එය පලමු වර සාර්ථක නොවිය හැකිය. එමෙන් ම විශාල කර්මාන්ත ශාලවක විධායක
නිලධාරියෙකුගේ තනතුර ඊලග දිනයේ දී පහල
වැටීමට පුලුවන. ලග ම හිතවතෙකුගේ වංචනික ක්‍රියාවක් නිසා ව්‍යාපාරය බංකොලොත් විය
හැකිය. එලෙස අද දිනයේ මේ ගෙවන ජීවිතය ඇසිල්ලකින් වෙනස් විය හැකිය. නමුත් සියලු දේ
හමුවේ ඔවුන් කඩා වැටේ නම් කෙතරම් දුරක් ජීවිතය ඉගෙන ගෙන ආව ද ඉන් පලක් වන්නෙ නැත.
කල යුත්ත නම් ඒ වැටුනු තැන සිට නැගිටීමය. සෑම විට ම ජීවිතයේ ජය ගැනීමට ඇති ඉඩකඩ
ගැන මෙන් ම පරාජ වීමට ඇති ඉඩකඩ පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය. එවිට පරාජය වී
වැටෙනවාට වඩා එම පරාජයන් මැඩ ගෙන ජයග්‍රහණය කරා යාම පහසු වේ.
සාර්ථක විවාහ
ජීවිතයක් යනු සෑම පුද්ගලයෙකුගේ ම බලාපොරොත්තුවකි. නමුත් සමාජයේ අවාසනාවට මෙන්
වර්තමානයේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නෙ අතලොස්සකි. ඉහත කී පරිදි ජය පසුපස ම
හබා යන මිනිසා නිසාවෙන් පවුල් ජීවිතය සී සී කඩ විසිරී ඇත. වෘත්තීය ජීවිතය ජය ගත්ත
ද අනෙක් පසින් විවාහ ජීවිතය පරාද වී ඇත. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ම මුදල් ඉපයූව ද
අවසානයේ දරුවන්ගේ ද අනාගතය අදුරු වී ඇත. මේ සියල්ල ම හේතුවෙන් ඔවුන් මානසික ව බිද
වැටේ. තරගකාරී ජීවන රටාව හේතුවෙන් ජීවිතයේ සැදෑ සමය ගත වීමටත් පෙර කල කිරුණු,ඉච්ඡා
භංගත්වයට පත් වූ පුද්ගලයෙකු සමාජයට බිහි වී ඇත. නමුත් මේ සියලු ම හැල හැප්පීම්
උපේක්ෂාවෙන් යුතුව දරා ගත හැකි නම් නොවැටුනු මිනිසෙකු ලෙස
ජීවිත දෙක ම සාර්ථක කර ගත හැකි වේ.
තෝමස් අල්වා එඩිසන් අසාර්ථක
පරීක්ෂණ 900කට වඩා වැඩි ප්‍රමාණයක් කරමින් අන්තිම මොහොතෙ
විදුලි බල්බය සොයා ගත්තේය. එසේ නොවුනා
නම් තවමත් අප අදුරේය. නමුත් ඔහු එය සොයා නොගත්තද වෙනත් අයෙකු පසු කලෙක එය සොයා
ගන්නවා නො අනුමානය. එසේ වූවා නම් තෝමස් අල්වා එඩිසන් යනු නාදුනන්නෙකි. ඔහු අසාර්ථක
වූ විට වැටී සිටියේ නැත. ඔහුගේ ඉලක්කය වෙත යාමට ඔහු සාර්ථක වූයේ එහෙයිනි. මයික්‍රෝ
සොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් ද ලෝක ප්‍රසිද්ධ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ප්‍රතික්ශේප
වූ අයෙකි. එමෙන් ම ප්‍රධාන ඡන්ද 12 කින් ම පරාද
වූව ද අවසානයේ
දී ඇමෙරිකා එක්සත්
ජනපදයේ ම ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් යනු අවුරුදු පහකටත් වඩා අඩු කාලයක්
විධිමත් අධ්‍යාපනය ලැබූවෙකි. මෙලෙසින් විවිධ අසමත් වීම් හමුවේ ජීවිතය ජයගත් චරිත
විශාල ප්‍රමාණයක් අතීතයෙන් නිදසුන් ලෙස ගෙන හැර දැක්විය හැකි අතර එලෙස ම ජීවිතය
ජයගත්, කතා කරන චරිත
අප අතරේ ද සිටියි.
මේ සියලු දෙනා තමන් වැටුනු විට නැති
බැරි කම් කියමින්,කල යුතු දේ පස්සට දමමින් කල් මරමින් සිටියේ නම් අදටත් ඔවුන්
සාමාන්‍ය චරිත වේ.
නමුත් ඔවුන්ගේ කැපවීම උනන්දුව මත
ඔවුන්ගේ නම,ජීවිත කතාව අදටත් ජීවමානව පවතී.
ජීවිතයට
පැමිණෙන බාධක නම් ඉඩෝරයන් නිසාවෙන් ජීවිතය ඉරි තලා යා හැකිය. නමුත් බිය වීම අනවශ්‍ය
කරුණකි. මන්ද කෙදිනක හෝ ඉරි තලා ගිය ජීවිතයට වසන්තය උදා වන බැවිනි. නමුත් එය
බලාපොරොත්තුවෙන් ඇගිලි ගැන ගැන බලා සිටීම නිශ්ඵල වේ. කල යුතු වන්නෙ අලුමතින් නැගී
සිටින ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් නැවතත් ජීවිතයට වසන්තය උදා කර ගැනීමට උත්සාහ
දැරීමයි. ඒ සදහා රට තුල කුමන තත්ත්වයක් උද්ගත වුව ද කුමන දේශපාලන කණ්ඩායම් බලයට ආව
ද පුද්ගලයෙකුට වැටුනු තැනින් නැගිටීමට අවශ්‍ය නම් නොපසුබට උත්සහයක් හා කැප වීමක්
අවශ්‍ය බව සිහි තබා ගත යුතුය. ගිය කාලය මෙන් ම ගිය නුවණ ද ඇතුන් ලවා හෝ ඇද්ද විය
නොහැකිය. එබැවින් තම ජීවිතය ජය ගැනීමට නම් නිශ්චිත ඉලක්කයක් ජීවිතයට ලං කර ගත
යුතුය. එම ඉලක්කය පසු පස යලිත් ලුහු බැදිය යුතුය. වැටෙන විට තව තවත් වල පල්ලට ම
වට්ටන්නට සිටින බහුතරය වෙනුවට නැගිටින විට අත දෙන්න සූදානම් සුලුතරය හදුනා ගෙන
ඔවුන් සමග ඉලක්කය වෙත පිය නැගීමට හැකි නම් එය ඉතා අගනේය. වර්තමාන සමාජය තුල කෙතරම්
සමාජ ඡාල තිබුන ද ඒ තුලින් පිරිහීමට නොව ජීවිතය ජය ගැනීමට අවශ්‍ය කරුණු පමණක් ලබා
ගත යුතුය. වැටුනු තැනින් නැගිටීමට අවශ්‍ය මුදල් නොව කාලය බව කල ගෙඩියක් තරම් ලොකු
ඔලු ගෙඩිය තූල ඇති අල ගෙඩියක් තරම් පොඩි මොල ගෙඩියට ඒත්තු ගැන්වීමට අවශ්‍යය. මේ
සියල්ල ම පුද්ගලයෙකුට කල හැකි නම් ඇසිල්ලකින් වෙනස් වන ජීවිතය තුල මුහුණ දීමට
ලැබෙන බාධාවන් හේතුවෙන් සිතෙන් වැටෙමින් විදවනවාට වඩා සිතෙන් සවිමත් වෙමින් ඒ බාධාවන්
ද විදිමින් ජීවිතය ජය ගැනීමට හැකි වනු නොඅනුමානය.
note - Kasuni Samaranayke
ලස්සනයි කස්සො..අලුතින් හිතලා පටන්ගන්න පුලුවන් කියලා දැන්නෙන්ම ලියලා ❤️
ReplyDeletethank you 😍😍
DeleteGreat work kassoo...❤️බොක්කටම වැදුනා..👌වැටුනම නැගිටින්න බය ලෝකෙට පට්ට words ටික.
ReplyDeletethank you 😀😀😀😀
DeleteLassanai kasuni..keep your talent up👍👍🔥🔥
ReplyDeletethank you friend 😘😘
Delete