සිතන්නට යමක්


රචනය - අචිනි ශානිකා බණ්ඩාර

ඔන්න එකමත් එක කාලෙක පුංචි කැලේක පුංචි වඳුරු පැංචෙක් හිටියා. එයාට කැලේ ගොඩක් යාලුවො හිටියා. එයා එයාගෙ යාලුවන්ට ගොඩක් ආදරෙයි. වඳුරු පැංචා එයාට පුලුවන් විදියට හැමෝටම උදව් කලා. එයාගෙ අම්මයි තාත්තයි වගේම තමයි වඳුරු පැංචා. එයාලත් හැමෝටම උදව් කරනවා. කැලේ යාලුවො හැමෝම එයාලට ආදරෙයි.
"අම්මේ...මං සෙල්ලම් කරන්න යනවා."
"හොඳයි පුතේ..පරිස්සමින්."
       වඳුරු පැංචා හරිම සතුටින් යාලුවො එක්ක සෙල්ලම් කරන්න ගියා. ගස්වලින් පැන පැන වැල්වල එල්ලීගෙන තමයි එයා යාලුවො හොයගෙන යන්නෙ. ඔන්න ඉතින් එයාලගෙ සෙල්ලම් ගේ ලඟට වඳුරු පැංචා ආවා. ඒත් තාම යාලුවො ඇවිත් නැහැ වගේ. වඳුරු පැංචා සෙල්ලම් ගෙට වෙලා යාලුවො එනකල් හිටියා.
 "මං තමයි ඉස්සෙල්ලම යන්නේ.."
වඳුරු පැංචාට යාලුවන්ගෙ සද්දෙ ඇහුනා.
"ආ..ඔය එන්නෙ කට්ටියම.."
       එයාගෙ හොඳම යාලුවො ඇවිල්ලා. ඒගොල්ලො තමයි වලස් පැංචයි හා පැංචියි කොටි පැංචයි. ඒගොල්ලො හැමතිස්සෙම කලේ සෙල්ලම් කරපු එක.
"අද අපි මොකක්ද කරන සෙල්ලම ? " කොටි පැංචා ඇහුවා.
"අල්ලං සෙල්ලං කරමූ.." හා පැංචි පැන්න ගමන් කිව්වා.
"හරි එහෙනම් මං අල්ලන්නම්. ඔයාල දුවන්න." වඳුරු පැංචා ඒම කිව්වා.
       මෙයාලා මේ විදියට දවසම සෙල්ලම් කලා. ඈතින් කලුවර වැටීගෙන එන නිසා යාලුවො ගෙදර යන්න ලැස්ති වුනා.
"දැන් කලුවර වැටීගෙන එනවා. අපි දැන් ගෙදර යමු."
"ඔව් අද පරක්කු වුනා. හෙට සෙල්ලම් කරමු එහෙනම්. පරිස්සමින් යන්න හැමෝම."
කට්ටියම ගෙවල්වලට ගියා. වඳුරු පැංචාත් ගෙදර ගියා. රෑ වුන නිසා වඳුරු පැංචා නිදාගත්තා.
       දන්නෙම නැතුව උදේ වෙලා. වෙනදා වගේම වඳුරු පැංචා සෙල්ලම් කරන්න ගියා. ඒත් වෙනදට වඩා අමුත්තක් එයාගෙ හිතට දැනුනා. කල්පනා කර කර එයා සෙල්ලම් ගෙදරට ගියා. වඳුරු පැංචා යද්දි එයාගෙ යාලුවො ඇවිල්ලා හිටියේ. ඒත් හා පැංචි ඇවිත් හිටියේ නැහැ. ටිකක් වෙලා බලන් හිටපු කට්ටිය හා පැංචි හොයන්න ගියා. ඒ යද්දි හා පැංචි හති දාගෙන වේගෙන් දුවන් එනවා.
" කැ  කැ කැලේ එහා පැත්තට..න න නගරෙ ඉන්න මිනිස්සු ඇවිල්ලා. මොකක්ද කරන්න හදනවා. " හා පැංචි කිව්වා.
"මං ගිහින් බලන්නම්. ඔයා තාත්තට කියලා එන්න." වඳුරු පැංචා කොටි පැංචාට කිව්වා.
        ඒ වෙද්දිත් කැලේ මැද්දට මිනිස්සු ඇවිල්ලා. නිකම්ම නෙවෙයි. කැලේ කපන්න ගොඩක් දේවල් අරන්. වඳුරු පැංචායි යාලුවොයි එකතු වෙලා ඒ නපුරු මිනිස්සු පන්නන්න ගොඩාක් දේවල් කලා. ඒත් ඒ මිනිස්සු පරාද වුනේ නම් නැහැ. වඳුරු පැංචාගෙ අම්මයි තාත්තයි ආවා. එයාල කිව්වා පැංචන්ට කැලෙන් එළියට යට යන්න කියලා.
"තාත්තෙ අම්මෙ මට බැහැ යන්න. මාත් සටන් කරනවා. මේ අපේ ගෙදර. මට මෙහෙ දාලා යන්න බැහැ. "
"පුතේ ඔයා යන්න යාලුවො එක්ක. අපි බලාගන්නම්."
         වඳුරු පැංචා යාලුවො එක්ක කැලෙන් එළියට ගියා. ආයෙත් හැරිලා බලද්දි කැලයක් නම් පේන්න තිබුනෙ නැහැ. මුලු කැලේම ගිනිබත් කරලා.
"අම්මේ......තාත්තේ......ඔයාල කොහේද ? "
            මිනිස්සුන්ගෙ නපුරුකම නිසා ස්වාභාවධර්මය ගැන හිතුවෙ නැති නිසා  වඳුරු පැංචාට අම්මා තාත්තා එයාගෙ යාලුවො ගෙදර නැති වුනා. අසරණ වුන වඳුරු පැංචායි යාලුවො තුන් දෙනයි නගරෙට ආවා. ඒත් එයාලට නිදහසේ නම් ඉන්න පුලුවන් වුනේ නැහැ. අර නපුරු මිනිස්සු වඳුරු පැංචාවයි යලුවන්වයි වට කරලා තිබ්බා. එයාල මේ පැංචාන්ව ලොරියකට දාලා කොහේද එක්කන් ගියා. ඒ වෙන කොහෙවත් නෙවෙයි. සත්තු වත්තට. යාලුවන්ව වෙන් කරලා වෙනම කූඩුවලට දැම්මා. කැලේ සතුටින් නිදහසේ ජීවත් වුණු  මේ පැංචන්ට දැන් ඒ නිදහස නැති වෙලා.
            අපි මිනිස්සු විදියට මේ විදියට කටයුතු කරනවානම් අහිංසක සත්තුන්ට මොකද වෙන්නෙ ? එයාලාගෙ වාසස්ථාන විනාශ කලොත් එයාලා ජීවත් වෙන්නෙ කොහෙද ?
     සිතන්නට යමක්...............

Comments

  1. අනී... අච්චෝ.. පට්ට ඈ... තව තව ලියමූ.. 👌👌😘

    ReplyDelete
  2. Well done little monkey patch��keep it up.������

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Achii kathawa patta.❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

“මකරානන්දය” නවකතාව පිලිබඳව විචාර ලිපිය.