අකලට පර වුන මලක්….
“සිරි අම්මේ සාරා...... ඈ ගෙරි හද මෝරා....”
“ඕං උඹලගෙ තාත්තගෙ ලවුස් පීකරේ අදත් ඇහෙන්නෙ. මෙතන මං එක එකා ලග ලැගල හම්බ කරන තුට්ටු දෙක ගිනි වතුරට දාල මට මේ කපේකට ලස්සනට ජීවිත් වෙන්න දෙන් නෑ මේකා...”
යැයි කියමින් ඈතින් ඇසෙන තාත්තගේ බේබදු සංගීතෙට තාල තියන ගමන් අම්ම දොරකොඩ වාඩි වෙලා හිටිය මටත් ටොක්කක් ඇනට ගේ ඇතුලට ගියා.උදැහැනැක්කෙ අම්මත් එක්ක ගෙදරින් එලියට බහින තාත්ත හැන්දැ කොරේ ගෙදර එන්නෙ කමල නැන්දගෙ කසිප්පු වාඩියටත් ආයුබොවං කියාගෙන.එහෙම ගියාට අම්මගෙවත් තාත්තගෙවත් රස්සාව නං මං දන් නෑ.ඒත් නංගියි මල්ලියි බලා ගන්න එක තමා මගේ නං රස්සාව.උන් දෙන්නට නං ලොකු හවසට අම්ම ගෙනත් දෙන චොකොලට් පෙති දෙක තමයි.මට නං ඒ වගේ වාසියක් ලැබෙන්නෙ හරි කලාතුරකින්.වැඩිමලා වුනාට අල්ලපු ගෙදර නැන්ද කියන විදිහට මං අවුරුදු දහයේ,නිකං කොල්ලෙකුත් නෙවේ අවජාතක කොල්ලෙක්.
ටවුමට කිට්ටුවෙන් තමා අපේ ගෙදර තියෙන්නෙ.හැමදාම උදේට ගේ ඉස්සරහ පාරෙන් ටවුමේ ඉස්කෝලෙට සුදු ඇදගෙන අයියල අක්කල ඉස්කෝලෙ යනවා.තියෙන එක ම ඇදුම් දෙකත් මාරුවෙන් මාරුවට ඇදං මාත් වැට අයිනට ගිහින් ඒ අයට නොපෙනෙන්න ඒ අය නොපෙනී යනකං බලං ඉන්නෙ මාව දැක්කොත් හිනාවෙයි කියන බයට.ඉස්කෝලෙ යන්න මොන තරං ආස වුනත් මට ඒ වාසනාව නෑ.හැබැයි මල්ලි නං මං තරං අවාසනාවන්ත නෑ.ගිය සුමානෙ ටවුමෙ ඉස්කෝලේ බාලාංශෙට අම්මම ගිහිං මල්ලිව බාර දීලා.හීන් සීරුවට මල්ලිත් දැන් උදැහැනැක්කෙ සුදු කොකා වගේ ඉස්කෝලෙ යද්දී මගෙ පපුවෙත් මුල්ලක් රිදෙනවා වගේ.අනේ මන්ද ඒ ඇයි ද කියල.
“ඈ බොල කොල්ලො.... කෝ තොපිලගෙ මහ ලොකු අම්මණ්ඩි..”
ඒ සද්දෙට තමා මං ආයෙ ම මේ ලෝකෙට ආවෙ.
“අම්....අම්... අම්...මා...”
“කවුද යකෝ අම්මණ්ඩි...මගේ සල්ලි වලින් ම බීල මට ම ඔහොම කට ගහං එන්නෙ තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ....”
යැයි කියමින් අම්මා ගේ ඇතුලෙ ඉදන් එලියට ආවා.
“හහ් හහ් හා..... ලැජ්ජාව...
තමුසෙ මට ද ගෑනියෙ ලැජ්ජාව ගැන කියල දෙන්නෙ?.. එක එකා ලග රෙද්ද උස්සල ළමයි හදං ඇවිත් උන්ට නම දුන්නට මට උඹ සලකපං ගැනියේ...”
“සලකන්න...හිටපං මං තොට...”
කියමින් අම්ම බිත්තියට හේත්තු කරල තිබ්බ ඉදල අරං තාත්තා ඉස්සරහට පැන්නා.වුනෙ මොකක් ද කියල හිතන්නවත් බැරි වුන තාත්ත ඇහි පිහාටු ගහන තත්පරේට කඩුල්ලෙන් පැනල ගියේ,
“උඹට මං හොද වැඩක් කරන්නං ගෑනියේ..”
යැයි කියන ගමන්.ඒත් එක්ක ම මටත් ගස්සගෙන අම්ම ගේ ඇතුලට ගියේ,
“උඹ වදපු නිසා තමයි මේ ඔක්කොම” යැයි කියාගෙන.
එදා රෑ පහන් වුනත් තාත්තා ගෙදර ආවෙ නෑ.හැබැයි අම්ම නං වෙනද වගේ ම හිංදි පික්චර් වල නිලියක් වගේ ඇදං මල්ලි එක්ක ගියා.අම්ම ගිහිං ටික වෙලාවකට පස්සෙ තාත්ත ආව ගෙදර.එතකොට මං විතරයි හිටියේ.නංගි ගිහිං යාලුවො එක්ක සෙල්ලමට.
“කොල්ලෝ.. ඕං ඔය වතුර ඩිංගිත්තක් ගනින් බොන්න.මේ අව් කාස්ටකේ අතපයක් හොලවල කොහේ සල්ලි හම්බ කරන්නද..”
තාත්තා උලුවස්ස ගාව ඇන තියාන වාඩි වෙලා කියවනවා.මං ගිහිං තාත්තා බොන කෝප්පෙට වතුර දාල තාත්තට දුන්න.වතුර කෝප්පෙ අරං ඒක නොබී මං දිහා බලං හිටිය තාත්තා එක හුස්මට වතුර ටික බීල,
“කොලුවො ලෑස්ති වෙයං පිචර් එකක් බලන්න යන්න.අර මහ ගෑනි එන්න කලින් එන්න ඕනැ හිංදා විගහට ලෑස්ති වෙයං.මං හංදියෙ කුමාරයියගෙ ත්රීවිලරේට කතා කරං එන්නං..”
මගේ ඔලුවෙ මලක් පිපුන වගේ.හරි පුදුමයි.පුදුමෙ වැඩි කමට මාව නිකං වෙව්ලනව වගේ.විගහට ලෑස්ති වෙන්න කියාපු හංදා ඊයෙ හෝදල වේලෙන්න දාපු කලිසමත් වැලෙන් අරං අම්ම එන්න කලිං එනව කිව්ව නිසා මල්ලිගෙ ඇදුම් දාල තිබ්බ සූස් කේස් එකෙන් කමිසෙකුත් අරං මං ඇදගත්තා.මල්ලිගෙ ඇදුම් මටත් හරි ගානට.අපි දෙන්න ම එක ම සයිස්.ඒ ගමන් ම ඔලුවට තෙල් ටිකකුත් දාල පීරගෙන මං එලියට බහිද්දි කුමාර මාමගෙ ත්රීවීලරේ ඇවිත් තිබ්බා.මායි තාත්තයි ඒකෙ නැගල පිචර් එක බලන්න යනවා.මට නං හරි සතුටුයි.මට වුන හැදුන වෙලේ ටවුමේ ඩිස්පෙන්සරියට ආවට පස්සෙ ටටුමට මං මේ යනවමයි.
කෝමහරි අපි ඇවිත් නතර වුනෙ ලොකු ම ලොකු ගොඩනැගිල්ලක් ලග.පිචර් එකට පරක්කු වෙයි කියල හිතං මං දඩිබිඩි ගාල වාහනෙන් බැහැ ගත්තා.තාත්තගෙ අතත් අල්ලං මං ඒ ලොකු ගේට්ටුවෙන් ඇතුල් වුනා.ඒත් එක්ක ම එතනට ආව පාට පාට කොන්ඩයක් තිබ්බ ගෑනු කෙනෙක් වගේ ලොකු කරාබුවක් දාපු විකටයෙන් වගේ මාම කෙනෙක් තාත්තා එක්ක කතාවට වැටුනා.
“පැංචෝ... මට හදිස්සි වැඩක්.මේ මාම එක්ක පිචර් එක බලන්න යන්න.මං හවසට එන්නං..”
කියන ගමන් මගේ අත ඒ විකට මාමගෙ එක අතකට දුන්නෙ අනිත් අතින් ඒ මාමගෙන් සල්ලි කොල ගොඩක් ගන්න ගමන්.මට නං ලොකු අයගෙ මේ වැඩ ගැන තේරුමක් නෑ.පිචර් එකෙ සිහියෙන් හිටිය නිසා හනිකට ඒ මාම එක්ක මාත් ගියා අර ලොකු ගොඩනැගිල්ලෙ ඇතුලට.ඒකෙ තිබ්බ දොරවල් ගොඩක් පහු කරං ඇවිත් එක දොරක් ගාව නැවතිල ඒ දොරෙන් ඇතුලට යන්න කියල මාම ඔලුවෙන් පෙන්නුවා.
ඒ කාමරේ ලස්සන.හරියට දිවිය ලොකෙ වගේ.ලොකු ම ලොකු ඇදක්.ඒ එක්ක ම බිත්තියේ ගහල තිබ්බ කොටුවක් ඇතුලෙ ඉදං මිනිස්සු දෙන්නෙක් ලොකු වලියක්..මේ පිචර් එක නේද.. මට එහෙමත් හිතුනා..ඒ දිහා බලං ඉද්දි මට තේරුනා කවුරු හරි මගේ උරෙන් අල්ලනව වගේ.මං හැරිල බලද්දි අපේ හමේ පාටට වඩා හුගක් ම සුදු පාට හමක් තිබ්බ,පතරංග මනුස්සයෙක් මගේ පිටිස්සෙ.හරියට දසමහ යෝධයින්ගෙන් කෙනෙක් වගේ.බයට ම මං පස්සෙන් පස්සට යන ගමන් බැලුවෙ අර විකට මාම ඉන්නවද කියල.එයත් නෑ.දොරත් වහල.ඒත් එක්ක ම අර සුදු යෝධයා මහ හයියෙන් හිනා වෙන ගමන් එයාගෙ කලිසම පහතට දැම්මා.
මට මතක් වුන එක ම දේ මගේ නංගි විතරයි.මං පුලුවන් උපරිමෙන් දොරත් තල්ලු කරං මහ පාරට ආව.තිබ්බ බයට ම එතනින් ගිය බස් එකක එල්ලුනෙ පිචර් එක බලද්දි කන්න ලොසින්ජර ගන්න සාක්කුවට දාගත්ත ඉතුරු කරගත්ත රුපියල් පනහ දීල ටිකට් එකකුත් ගන්න ගමන්.බස්සෙකේ අන්තිම නැවතුමෙන් බහිද්දි හොදට ම හැන්දැ වෙලා.ගෙදර යන්න හිතුනත්.බයයි ආයෙත් ගෙදර යන්න.මං ඔහේ ඇවිදං ගියා. දැන් නං ටික ටික බඩගින්නත් වැඩි වෙනවා.ඒත් මොනව කරන්න ද මේ තාර පාර දිගේ කවුරුත් ම නෑ පේන්න.බැරි ම තැන මං පාර මැද ම වාඩි වෙන්න හිතුව විතරයි මතක..එක පාරට ම මට පිටි පස්සෙන් ආව ලොකු එලියකින් මාව යටකරගෙන ගියා..
#කස්සා
Ekanam papauwatama danuna.😑 niyamai kasso..👌
ReplyDeleteTHANKS YALUU 😍😍
Delete