ඔබ ඔබ ම වෙන්න

ජීවත් වූ මේ කෙටි කාලය තුල ඔබට නොයෙකුත් පුද්ගලයින් හමු වී ඇත.. ඔවුන් කවුරුන් ද යන වග,ඔබ ඔවුන් ඇසුරේ සිටියදී වටහා ගන්නට ද ඇත.ඒ සදහා ඔබගෙ කාලය ද මිඩංගු කරන්නට ඇත.නමුත් ඔබ කවුරුන් ද යන වග පිලිබදව සිතන්නට ඔබගෙ කාලයෙන් ඔබ කෙතරම් වෙලාවක් මිඩංගු කර ඇද්ද... සිතන්න.. ඔබ ඔබගෙ ඇසුරෙ කෙතරම් කාලයක් සිටියේ ද? මේ කෙටි කාලය තුල ඔබ ඔබ ව සොයා ගත්තේ ද? ඔබ ඔබ ව ම වටහා ගත්තේ ද? මේ සියල්ල ට ම ඔබේ පිලිතුර ඔව් නම්, මේ වන විටත් ඔබ සාර්ථක පුද්ගලයෙකු වී හමාරය..

නමුත් ප්‍රශ්නය ඇත්තේ එතනය.තාක්ෂණික ලෝකයක රැල්ලට හඹා යන තාරුණ්‍යයක සිටින ඔබට ඔබව ම මග හැරී ඇත..ඔන්ලයින් ජීවිතය තුල ඔබ ඕප් ලයින් වී ඇත.ඔබේ සිතුවිලි ඩිඇක්ටිවේට් වී ඇත.ඔබ ව ශට් ඩවුන් වීමට පෙර ඔබ ඔබ ම වී නැවතත් රී ස්ටාට් වෙන්න..හිත ඇත්නම් පත කුඩා ද... ඉතින් මේ අලුතින් හිතන්න කාලයයි..ඔබ ඔබව සොයා යන ගමනේ පලමු ව හොද හුස්මක් ගන්න..හුස්ම හෙලන විට ඔන්ලයින් ජීවිතයට එන්න කලින් ඔබ ගත කල සැබෑ ජීවිතයට එන්න.නොදන්නා යහලුවන් රැසකට කලියෙන් හදුනා ගත් ඔබ වටා සිටි යහලුවන් ගැන සිතන්න..ඔබ අසල දැව ටී සෙල්ලම් කල,ඔබ සෙල්ලම් කල සහෝදර සහෝදරියන් ගැන සිතන්න.. අම්මා තාත්තා ගැන ශෙයා කල පෝස්ට් වෙනුවට ඔවුන් වෙනුවෙන් සැබෑ ලෙස ම ඔබට කල හැකි දේ ගැන සිතන්න..ඩේටා අතරේ හිර වුන හැගීම් වෙනුවට යට ගොස් ඇති ඔබේ හැකියාවන්ට නැවතත් පන පොවන්න සිතන්න..පැරදී ඇති ආදරය වෙනුවට ඔබට ආදරේ අයට ඔබ ආදරේ කරන්න සිතන්න..එක් හුස්මක් හෙලන විට සිතූ සිතුවිලි ඊලග හුස්ම ගනිද්දී ජීවිතයට ම කා වද්දා ගන්න.ඒ සිතුවිලි එකින් එක සැබෑ කරගන්න හීන දකින්න..ජීවිතේ මග ඇරුනු ඔබ ඔබට ම සොයා ගැනීමට හැකි වනු නොඅනුමානයි...

ගලන ගගක් ලස්සන වෙන්නෙ ගල් මුල් පර්වත මැදින් ගලන් යද්දී වගේ ජීවිතේට හම්බුන බාධාවන් ජය ගන්න ඒ බාධක ම අවියක් කර ගන්න..ඇබ්බැහි වුන පුරුදු ජීවිතේ සාර්ථකත්වයට අත වනන රුවලක් කර ගන්න.කල ගෙඩියක් තරං ඔලුගෙඩියක් ඇතුලෙ තීන අල ගෙඩියක් තරං මොල ගෙඩියෙන් ජීවත් වෙන කෙටි කාලය තුල උපරිම ප්‍රයෝජන ගන්න සිතන්න.මේ හැම දෙයට ම ඔබ ඔබ ව සොයා ගත යුතුයි..ඔබට ඇල්බට් අයින්ස්ටයින් හෝ පිකාසෝ හෝ මයිකල් ජැක්සන් හෝ ඒබ්‍රහම් ලින්කන් හෝ විය නොහැක.නමුත් ඔබ තුල ඇති හැකියාවන් නිසි අයුරෙන් වටහා ගෙන ඒව මනාව මෙහෙය වීමෙන් ඔබටත්  දක්‍ෂ විද්‍යාඥයෙක් දක්ෂ සිත්තරෙක් දක්ෂ ගායකයෙක් දක්ෂ දේශපාලනඥයෙක් විය හැකිය..නමුත් මතක තබා ගන්න නිරතුරුව ම ඔබ ඔබව සොයා ගන්න..වැටෙන විට නැගිටින්න..මන්ද ඔබ වැටෙන්නට තුඩ දුන් කරුණ නිසා වැටුන එක ම පුද්ගලයා ඔබ නොවේ.තවත් සියයක් දෙනා නැතිනම් දස දහසක් දෙනා ඒ කරුණෙන් ම පීඩා විදිනවා ඇති. ඒ අතරින් අතලොස්සක් හෝ දෙනා එය පරදා ජීවිතය ජය ගෙන ඇති.ඉතින් ඔබෙ වගකීමත් ඒ ජීවිතය ජය ගත් අතලොස්ස නියෝජනය කර එක නොවේ ද? මේ සියල්ලට ම ඔබ සතුව ආත්මාභිමානය තිබිය යුතය.එය ඇති වන්නට නං ඔබ ඔබව සොයා ගත යුතුය.ඉතින් ඉච්ඡා භංගත්වය නං කඩතුරාවෙන් වැසුනු දෑස මදක් විවර කර බලන්න.මේ ඔබේ වාරයයි.ඔබට ඔබ ව සොයා ගන්නට ඇති කාලයයි.

ඉතින් ගෙවුනු කාලය තුල ඔබ ලගින් සිටි පුද්ගලයන් ඔබව හැර ගිය පුද්ගලයින් ඔබව ඔසවා ගත් බැදීම් ඔබව වට්ටා දැමු බැදීම් මේ හැම දෙයක් ම ඔබට ඔබව සොයා ගන්න රුකුලක් කර ගන්න.හැම සිදුවීමක් ම ජීවිතයට ලැබුණ අත්දැකීම් යැයි සිතා ඔබ ඔබව සොයා යන ගමනේ නැවුම් ආරම්භයක් කර ගන්න..යම් දිනෙක ඔබ ඔබ ව සොයා ගත්තේ නම් එදා සිට ඔබ ඔබ ම වෙන්න..එදින ඔබ මෙලොව සිටින  සාර්ථක ම සහ සතුටින් ම ඉන්න පුද්ගලයා වී හමාරය..මොකද තමන් තමන් වීම මිස තමන් අනෙකෙක් වීම තුල බබලන්නෙ අනිකා මිස තමන් නොවේ..තමන් තමන් වීමට නං පලමු වැන්න තමන් සොයා ගැනීමයි.ඉතින් අද සිට පටන් ගන්න ඔබ ව සොයන්න.සාර්ථක වීමට ඔබව සොයන්න,ඔබ ඔබ ම වෙන්න..එවිට හැර ගිය පුද්ගලයින් වැටුණු වූ බැදීම් යනු ඔබගේ ජීවිතය තුල සාර්ථකත්වයට පාර කියන තාරුකා වනු නොඅනුමානයි..ඉතින් එන්න ශට් ඩවුන් වෙන්න යන ජීවිතේ රීස්ටාට් කරං ඔබ ඔබ ම වෙන්න...

#කස්සා

Comments

  1. Great work👍👍👌❤
    Actually it's about the life of modern society 😌
    Powerful words can change the minds of modern society .
    Keep it up👍

    ReplyDelete
  2. නියමයි කස්සෝ..👌දිගටම කරගෙන යන්න..☺️

    ReplyDelete
  3. supiri weddek nanga....ur words have a power that can talk to mind directly...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

“මකරානන්දය” නවකතාව පිලිබඳව විචාර ලිපිය.

සිතන්නට යමක්