වැටුනු දිවියට සවියක්....

ඕනෑ ම මොහොතක ඕනෑ ම විදිහකින් වෙනස් විය හැකි දේවල් අතරින් “ ජීවිතය ” නම් අකුරු හතරට හිමි වන්නෙ ප්‍රබල සංධිස්ථානයකි. ඒ තරමට ම එය අවිනිශ්චිතය.එවැනි අවිනිශ්චිත වූ ජීවිතය තුල යථාර්ථයට මුහුණ දෙන විට ජයග්‍රහණයන් මෙන් ම පරාජයන් ද සැමට ම පොදු කරුණක් වේ.නමුත් තරගකාරී ජීවන රටාවක් තුල උරෙන් උර ගැටෙමින් ජයග්‍රහණය පසුපස ම යන මිනිසාට ජරාජයන් වහ කදුරු මෙන් පෙනෙයි. ඒ කරුණ නිසාවෙන් ම අද වර්තමානය වන විට සාර්ථකත්වයට යා හැකි බහුතරයක් අසාර්ථකත්වයේ ගොදුරු වී හමාරය. එබැවින් වැටුනු තැනින් නැගී සිටීම සමාජ අවශ්‍යතාවයක්ව පවතී. ජීවිතය යනු දහසකුත් එකක් ප්‍රශ්න වලින් නිර්මාණය වූ මඩ ගොහොරුවකින් පැන නැගි, සුදු නෙලුමක් නම් එම සුදු නෙලුම ලොවම සුවදවත් කරන සාර්ථකත්වයේ සංකේතය බවට පත් කිරීමට සෑම අයෙකුම උත්සාහ ගත යුතුය. ඒ සදහා සියලු දෙනා ම කුමන බාධක පැමිණිය ද ඒවා සාර්ථක ව විසදා ගත යුතු වේ. ...