Posts

Showing posts from May, 2020

වැටුනු දිවියට සවියක්....

Image
                         ඕනෑ ම මොහොතක ඕනෑ ම විදිහකින් වෙනස් විය හැකි දේවල් අතරින් “ ජීවිතය ”   නම් අකුරු හතරට හිමි වන්නෙ ප්‍රබල සංධිස්ථානයකි. ඒ තරමට ම එය අවිනිශ්චිතය.එවැනි අවිනිශ්චිත වූ ජීවිතය තුල යථාර්ථයට මුහුණ දෙන විට ජයග්‍රහණයන් මෙන් ම පරාජයන් ද සැමට ම පොදු කරුණක් වේ.නමුත් තරගකාරී ජීවන රටාවක් තුල උරෙන් උර ගැටෙමින් ජයග්‍රහණය පසුපස ම යන මිනිසාට ජරාජයන් වහ කදුරු මෙන් පෙනෙයි. ඒ කරුණ නිසාවෙන් ම අද වර්තමානය වන විට සාර්ථකත්වයට යා හැකි බහුතරයක් අසාර්ථකත්වයේ ගොදුරු වී හමාරය. එබැවින් වැටුනු තැනින් නැගී සිටීම සමාජ අවශ්‍යතාවයක්ව පවතී. ජීවිතය යනු දහසකුත් එකක් ප්‍රශ්න වලින් නිර්මාණය වූ මඩ ගොහොරුවකින් පැන නැගි, සුදු නෙලුමක් නම් එම සුදු නෙලුම ලොවම සුවදවත් කරන සාර්ථකත්වයේ සංකේතය බවට පත් කිරීමට සෑම අයෙකුම උත්සාහ ගත යුතුය. ඒ සදහා සියලු දෙනා ම කුමන බාධක පැමිණිය ද ඒවා සාර්ථක ව විසදා ගත යුතු වේ.              ...

සිතන්නට යමක්

Image
රචනය - අචිනි ශානිකා බණ්ඩාර ඔන්න එකමත් එක කාලෙක පුංචි කැලේක පුංචි වඳුරු පැංචෙක් හිටියා. එයාට කැලේ ගොඩක් යාලුවො හිටියා. එයා එයාගෙ යාලුවන්ට ගොඩක් ආදරෙයි. වඳුරු පැංචා එයාට පුලුවන් විදියට හැමෝටම උදව් කලා. එයාගෙ අම්මයි තාත්තයි වගේම තමයි වඳුරු පැංචා. එයාලත් හැමෝටම උදව් කරනවා. කැලේ යාලුවො හැමෝම එයාලට ආදරෙයි. "අම්මේ...මං සෙල්ලම් කරන්න යනවා." "හොඳයි පුතේ..පරිස්සමින්."        වඳුරු පැංචා හරිම සතුටින් යාලුවො එක්ක සෙල්ලම් කරන්න ගියා. ගස්වලින් පැන පැන වැල්වල එල්ලීගෙන තමයි එයා යාලුවො හොයගෙන යන්නෙ. ඔන්න ඉතින් එයාලගෙ සෙල්ලම් ගේ ලඟට වඳුරු පැංචා ආවා. ඒත් තාම යාලුවො ඇවිත් නැහැ වගේ. වඳුරු පැංචා සෙල්ලම් ගෙට වෙලා යාලුවො එනකල් හිටියා.  "මං තමයි ඉස්සෙල්ලම යන්නේ.." වඳුරු පැංචාට යාලුවන්ගෙ සද්දෙ ඇහුනා. "ආ..ඔය එන්නෙ කට්ටියම.."        එයාගෙ හොඳම යාලුවො ඇවිල්ලා. ඒගොල්ලො තමයි වලස් පැංචයි හා පැංචියි කොටි පැංචයි. ඒගොල්ලො හැමතිස්සෙම කලේ සෙල්ලම් කරපු එක. "අද අපි මොකක්ද කරන සෙල්ලම ? " කොටි පැංචා ඇහුවා. "අල්ලං සෙල්ලං කරමූ.." හා පැංචි පැන්න ගමන් කිව්ව...