අකලට පර වුන මලක්….

“සිරි අම්මේ සාරා...... ඈ ගෙරි හද මෝරා....” “ඕං උඹලගෙ තාත්තගෙ ලවුස් පීකරේ අදත් ඇහෙන්නෙ. මෙතන මං එක එකා ලග ලැගල හම්බ කරන තුට්ටු දෙක ගිනි වතුරට දාල මට මේ කපේකට ලස්සනට ජීවිත් වෙන්න දෙන් නෑ මේකා...” යැයි කියමින් ඈතින් ඇසෙන තාත්තගේ බේබදු සංගීතෙට තාල තියන ගමන් අම්ම දොරකොඩ වාඩි වෙලා හිටිය මටත් ටොක්කක් ඇනට ගේ ඇතුලට ගියා.උදැහැනැක්කෙ අම්මත් එක්ක ගෙදරින් එලියට බහින තාත්ත හැන්දැ කොරේ ගෙදර එන්නෙ කමල නැන්දගෙ කසිප්පු වාඩියටත් ආයුබොවං කියාගෙන.එහෙම ගියාට අම්මගෙවත් තාත්තගෙවත් රස්සාව නං මං දන් නෑ.ඒත් නංගියි මල්ලියි බලා ගන්න එක තමා මගේ නං රස්සාව.උන් දෙන්නට නං ලොකු හවසට අම්ම ගෙනත් දෙන චොකොලට් පෙති දෙක තමයි.මට නං ඒ වගේ වාසියක් ලැබෙන්නෙ හරි කලාතුරකින්.වැඩිමලා වුනාට අල්ලපු ගෙදර නැන්ද කියන විදිහට මං අවුරුදු දහයේ,නිකං කොල්ලෙකුත් නෙවේ අවජාතක කොල්ලෙක්. ...